මේ වනවිට දකුණු පළාතේ පැතිරි යන වෛරස් උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ අධ්‍යාපන කොට්ඨාස හයකට අයත් ප්‍රාථමික පාසල් හා ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ හෙට (22) සහ අනිද්දා (23) යන දෙදින තුළ වසා තැබිමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.
ඒ අනුව ගාල්ල ,මාතර, මුලටියන අකුරැස්ස, තංගල්ල ,වලස්මුල්ල යන කලාප කාර්යාලවලට අයත් ප්‍රාථමික පාසල් හා ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශය වසා තබන අතර එම කලාපයන්ට අයත් සියලුම පෙරපාසල් මෙම සතිය තුළ වසා තැබෙන බවද ලේකම්වරයා කීය.
දරුවන්ගේ ජිවිත ගැන සලකා බලා දෙමවුපියන්ගේ හා ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම තිරණය ගත් බවත් සෞඛ්‍ය අංශවලින් මෙකී වෛරස් උණ පිළිබද නිර්දේශ ඉල්ලා ඇතත් තවමත් එය නොලැබුණු බැවින් එම නිර්දේශ ලැබෙන තෙක් තාවකාලිකව මෙම දින දෙක තුළ පාසල් වසා දැමීමට තීරණය කළ බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.