උතුරේ ඇති වුණු ප්‍රශ්නයක් මුල් කරගෙන දකුණේ ඇතැම් බලවේග උතුරේ විරෝධතා දැක්වීම මගින් උතුරේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනනතාව අතර ගොඩනැගී ඇති සංහිඳියාවට විශාල තර්ජනයක් සිදුවන බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා මාධ්‍ය නිවේදනයකින් පෙන්වා දෙයි.
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් පසුගිය 30 වෙනි සිකුරාදා දහවල් වවුනියාවේ පැවැත්වූ විරෝධතාවට සිය විරුද්ධත්වය පළකරමිනි.
වවුනියාවේ සිංහල වැසියන්ට සිදුවූ ඕනෑම අසධාරණයක් වෙනුවෙන් ඔවුන් වීදි බැස උද්ඝෝෂණය කරන්නේනම් එහි සාධාරණයක් ඇති නමුත්, පිටස්තර පළාත් වලින් සංවිධානාත්මකව පැමිණ විරෝධතා දක්වන විට ඉන් උතුරේ වැසියන් තුළ පවතින සංහිඳියාවට, සහෝදරත්වයට විශාල හානියක් සිදුවන බවද අමාත්‍යවරයා පැවසුවේය.