(UPDATE) දකුණු සුඩානය යළි යුද්ධයකට පිවිස ඇති බව එරට උප-ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.
උප ජනාධිපති රිඑක් මචාර්ට පක්ෂපාතී කැරලි හමුදාව පවසන්නේ, එරට ජූබා අගනුවර ඔවුන්ගේ කඳවුරු වෙත රජයේ හමුදා දැඩි ප්‍රහාරයක් දියත් කර ඇති බවයි.
මචාර්ගේ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වන කර්නල් විලියම් ගට්ජියාත් පවසන්නේ එරට ජනාධිපති සල්වාර් කීර් සාම ගිවිසුම එතරම් බරපතළ ලෙස ගණන් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත්, එරට රජය මෙතෙක් ඔහුගේ අදහස් දැක්වීමට ප්‍රතිචාරය දැක්වීමක් සිදුකර නැත.
ඔහු වැඩිදුටත් පවසා ඇත්තේ මචාර් කැරලි හමුදාවේ 100කට අධික පිරිසක් ඉරිදා පැවති සටන්වලින් ජීවිතක්ෂයට පත්වූ බවයි. කෙසේ වෙතත්, සිය හමුදා නගරය වෙත පැති කිහිපයකින් ඇතුළු වෙමින් සිටින බවද ඔහු පවසයි.
මීට පෙර ජුබා නගරයේ එක්සත් ජාතීන්ගේ කාර්යාල ප්‍රකශකයෙකු කියා සිටියේ නගරය තුළ බර අවිවලින් දැවැන්ත ප්‍රහාරයක් සිදුවන බවයි.
දකුණු සුඩානයේ අගනගරය වන ජූබා හි එක්සත් ජාතීන්ගේ කාර්යාල ගොඩනැගිල් ආසන්නයේ දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට රජයේ හමුදා සහ හිටපු කැරලි හමුදා අතර දින ගණනක් පුරා පැවති ගැටුම්වල උච්චතම අවස්තාවක් ලෙසද මෙම ගැටුම හඳුන්වා තිබේ.
නගරයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වාදන පරිදි මෝටාර් ආදී ප්‍රබල අවි භාවිත කරමින් සිදුවූ මෙම ප්‍රහාරයේදී අගනුවර බොහෝ ජනයා සිය නිවාස අත්හැර පළාගොස් තිබේ.
දකුණු සුඩානයේ ජනාධිපති සල්වාර් කීර් හා උප ජනාධිපති රෙයික් මචාර්ගේ ආධාරකරුවන් අතර මෑතකාලීනව සිදුවූ ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්වූ පිරිස 100 ඉක්මවන බවද වාර්තා වෙයි.