දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් එහි අරමුදල් යොදවා විදේශ සංචාරයක නිරතවන බව දකුණු පළාත් සභාවේ ජ.වි.පෙ මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය. අද (05දා) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
"එ.ජ.නි.සන්ධානයේ , එජාපයේ, මන්ත්‍රීවරු හා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ එක් මන්ත්‍රීවරයකුත් ලේකම්වරු 08 දෙනෙකු හා තවත්නිලධාරීන් 06 දෙනෙකුත් මෙම සංචාරයට සහභාගී වනවා. කණ්ඩායම් දෙකක් වශයෙන් ඩුබායි හා රුසියානු රටවල දින දොළහක් කාලයක් මොවුන් සංචාරයේ නිරත වනවා. වැය කරන මුළු මුදල රුපියල් කෝටි හය හමාරක්. මෙහි පළමුකණ්ඩායම 10 දා පිටත් වෙනවා"
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්