දකුණු පළාත් සභාවේ නව ධීවර හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙසකටයුතු කළ ඩී.වී.උපුල් මහතා එම අමාත්‍යධුරයෙන් ඉවත්කර එම අමාත්‍යාංශය පළාත් සභා මන්ත්‍රී එච්.ඩබ්ලිව්.ගුණසේන මහතාටපවරා තිබේ. අදාළ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (20දා) ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ ඩී.වී.උපුල් මහතාය.