දකුණු කොරියාවට ප්‍රථම වරට අඩුවියදම් IoT ස්මාට් ජාලයක්
ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් (IoT) හෙවත්, ස්මාට් උපාංග අන්‍යෝන්‍ය වශයෙන් තොරතුරු හුවමාරු කරගන්නා අඩු වියදම් IoT ජාලයක් ප්‍රථම වරට දකුණු කොරියාවට හිමිවෙයි.
මෙය දකුණු කොරියාව තවදුරටත් එකිනෙකා සම්බන්ධ කිරීම අරමුණු කරගත් වැඩපිළිවෙළක ආරම්භය බව මෙම දැවැන්ත කාර්යය පසුපස සිටින SK ටෙලිකොම් ආයතනය පවසයි. එමෙන්ම, ඔවුන්ට මෙම නව තාක්ෂණය රටේ ජනතාවගෙන් 99% ක් වෙතම ලබාදීමේ හැකියාව පවතින බවද පෙන්වා දෙයි.
දකුණු කොරියාවට අමතරව, නෙදර්ලන්තයද මේ ආකාරයෙන් රටම ආවරණය වන පරිදි ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ජාලයක් ක්‍රියාත්මක කර ඇත.
මෙහිදී, මාසික පැකේජ වශයෙන් මෙම ජාලය හා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවන අතර, ඒවා කොරියානු වොන් 350 (රු.44/-) සිට 2,000 (රු.250/-) දක්වා විහිදෙන බවද කියයි.
SK ටෙලිකොම් ආයතනය මෙම ක්ෂේත්රයේ ඉදිරි වසර පර්යේෂණ වෙනුවෙන් දැනටමත් වොන් බිලියන 100ක් ආයෝජනයක් සිදුකරමින් එරට යටිතල පහසුකම් ක්ෂේත්රය තවදුරටත් පුළුල් කිරීමට සැරසෙයි.
මෙම තාක්ෂණය සමග මුසුවූ ස්මාට් මුද්‍රණ යන්ත්‍රයක් උදාහරණයකට ගතහොත් එහි මුද්‍රණ තීන්ත පිරවීම හෝ ශීතකරණයක නම් එහි බඩුබාහිරාදිය නොමැති බව පැවසීම ආදී තොරතුරු මෙන්ම, තමාගේ ස්මාට් ජංගම දුරකථනය නැතිවුවහොත් එය ඇති තැන සොයාගැනීමට මෙන්ම, තමන්ගේ සුතල් සතුන් නිරීක්ෂණය කිරීමට පවා එම සේවාලාභීන්ට මෙමගින් අවකාශය සැලසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

