දකුණු පළාත් සභා උපසභාපතිවරයාට පළාත් සභා මුදලින් රුපියල් මිලියන 35ක් පමණ වැය කර සුඛෝපභොගී ජීප් රථයක් ගෙන්වා තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවැසුවේ පළාත් සභා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම මෝ්ටර් රථය ගෙන්වා ඇති බවයි.
රටේ විශාල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවේදී ජනතා මුදලින් කෝටි ගණන් වියදම් කරමින් සුඛෝපභෝගී ජීප් රථ ගෙන්වමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.