යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජ පසුබෑමකට ලක්වුව ද මෙම අභියෝග ජය ගැනීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් පාරම්පරික ක්‍රමවේදවලින් බැහැරව නව තාක්ෂණික ක්‍රම උපයෝගි කරගනිමින් ඩිජිටල්කරණය සහ තාක්ෂණය එකතු වූ ගමනක් යාම සඳහා අධිෂ්ඨාන කර ගත යුතු බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්දීය ආර්ථික සමුළුවේ දෙවන දින දේශනය පවත්වමින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.
දකුණු ආසියාවම එකට එක්ව එහි බිලියන 1යි දශම 7ක් වු ජනගහණයෙන් යුතු වෙළෙඳපළ ප්‍රයෝජනයට ගනිමින් ඩිජිටල් තාක්ෂණය හරහා ඉදිරියට ගමන් කරන්නේ නම් එය ලෝකයේ බලවත් රටවල් පවා අභිබවා යාමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඩිජිටල් තාක්ෂණයේ වටිනාකම ජනතාව නොදන්නේ නම් ඉදිරි සියලු උත්සාහයන් අසාර්ථක වනු ඇති බව ද අමාත්‍යවරයා මෙම දේශනයේ දී වැඩිදුරටත් ප්‍රකාශකළේය.