සැප්තැම්බර් මස 22 දා සිට සතියකට තෝරා ගත් දින තුනක් දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂිත කලාපයක් රාත්‍රී කාලය සඳහා මහජනතාවට විවෘත කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සැප්තැම්බර් මස 22 දා සිට සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්හිදී රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.00 දක්වා මෙසේ මහජනතාවට සත්වෝද්‍යානය විවෘත වෙනු ඇත.
නිශාචර සතුන් වෙසෙන කලාපය මෙසේ රාත්‍රී කාලයට විවෘත කර තැබීමට නියමිතය.
ඒ අනුව රාත්‍රී කාලයේදී සතුන්ගේ චර්යා රටා ස්වාභාවිකව අත්විදිය හැකි දකුණු ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ එකම සත්වෝද්‍යානය බවටත් දෙහිවල පත්වෙනු ඇත.