චීනයේ පැවති "බ්‍රික්ස්" සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ,යළි සිය රට බලා යන අතරතුර දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම සමුළුට එක්වීමට චීනයට ගමන් කරන විටත් පසුගිය 01දා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය.එතුමා දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (05දා) රාත්‍රී 10.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය. එම ගුවන් යානයේ දකුණු අප්‍රිකානු දූත පිරිස ලෙස සහභාගී වූ 20 දෙනෙක් ද සිටියහ.
මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර ලබා ගැනීමෙන් පසු යළි රාත්‍රී 11.30 ට පමණ යානය යළිත් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය. ජනාධිපති ජේකොබ් සූමා මහතා ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් ගන්නා බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකාවට පැමිණ යෑමට කටයුතු කිරීම විශේෂ සිදුවීමකි.