දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සුමා චීනයේ පැවැත්වෙන "බ්‍රික්ස්" සමුළුවට සහභාගි වීමට යන අතරතුර අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
දකුණු අප්‍රිකානු ජනපතිවරයා ඇතුළු දූත පිරිස දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ගමන් ගනිමින් සිටි අතර , එම යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර ලබා ගැනීමට යානය මෙසේ ගොඩබැස්සවීය.
සේවා සපයගැනීමෙන් අනතුරුව අලුයම 1.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියේය.