දකුණු අධිවේගය අසළ ඉන්ධනහලක් කොල්ලකයි
- 6 05 2018
- 09:18
- {{hitsCtrl.values.hits}} views
- . .
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට අද (06දා) අළුයම 12.15ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු ටී 56 ගිණි අවියක් පෙන්වා ඉන්ධන පිරවුම්හලේ පොම්කරුට තර්ජනය කොට රුපියල් 38000ක මුදලක් කොල්ලකාගෙන පලාගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය කියයි.
ඉන්ධන පිරවුම්හල කොල්ලකැ කොල්ලකරුවන් දෙදෙනා අධිවේගි පිවිසුම් මාර්ගය දිගේ ගොස් යක්ගහ දෙසට පළාගොස් ඇතිබවද පොලිසිය කියයි. කොල්ලකරුවන් දෙදෙනා මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියේ අංක තහඩු වසාගෙන පැමිණ ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
ජිනේෂ් නානායක්කාර/රවිදු දියගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

