දක්ෂිණ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සැලැස්ම එළඹෙන මාර්තු මසදී එළිදැක්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දක්ෂිණ සංවර්ධනය පිළිබඳව අරලියගහ මන්දිරයේදී අද (07දා) පැවති රැස්වීමේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමත්‍යවරයා,
ʻʻඒ යටතේ දකුණු පළාත කොළඹට දෙවැනි කර්මාන්තකරණයකින් යුතු පළාතක් බවට පත් කරනවා. ඒ යටතේ බස්නාහිර පළාත්වලත් ඇති කර්මාත්ත ද වැඩි දියුණුවට පත් වෙනවා. මේ හේතුව මත අපනයන ආර්ථිකයක් ඇති වනු ඇති.
මේ යටතේ දකුණු පළාතේ ගාල්ල, මාතර වැනි ප්‍රදේශවල මාලදිවයින් දූපත්වලට වඩා වැඩි විශාලත්වයෙන් යුතු සංචාරක කලාප ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ʼʼයැයි ද පවසා සිටියේය.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපති ශ්‍රිරන්ත හේරත් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.