දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේ සිට කහතුඩුව අන්තර් හුවමාරුව දක්වා මාර්ග කොටස සැප්තැම්බර් 2(අගහරුවාදා) වනදා පැය දෙකක කාලයක් වසා තැබෙන බව වාර්තා වේ.අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් එදින රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම කොටස වසා තැබෙන අතර එම කාලසීමාව තුළ කොට්ටාව, මත්තේගොඩ, පොල්ගස් ඕවිට හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව - අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසිය හැකිය.