අනුරාධපුර මහමෙව්නාවේ පිහිටි ථූපාරාම චෛත්‍යයේ නම සඳහන් ආදිතම සෙල්ලිපිය ලෙස සැලකෙන පාලුමැකිච්චාව සෙල්ලිපිය වසා දමා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කොන්ක්‍රීට් බැම්මක් ඉදි කිරීම පිළිබඳව කරුණු සෙයා බලා වාර්තාවක් සකස් කරන ලෙස විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී ඇත.
මේ බව ‘අද’ වෙබ් අඩවිය ඊයේ (10දාත්) ‘අද පුවත්පත’ අද (11දාත්) වාර්තා කළේය.ඒ පුවත කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවත් මෙවැනි සිදුවීම් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා කඩිනමින් වාර්තාවක් සපයන ලෙස අතිරේක ලේකම් (සැලසුම් සහ සංවර්ධන) අශෝක සිරිවර්ධන මහතාට සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතාට දැනුම් දුන් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.