පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව මන්නාරම දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 ක්ෂණික දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ජල ගැටලුවලට මුහුණදී සිටින ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීම සිදුකරන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.