තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයවෙනුවෙන් හෙට(28දා) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අන්තර්ජාතික සම්මන්ත්රණයක්පැවැත්වීමට නියමිතය.
තොරතුරු දැනගැනීම සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණය යන තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
තොරතුරු දැනගැනීමේ පනත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කලාපීය හා අන්තර්ජාතික අත්දැකීම් සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමත්, රට තුළ ප්රජාතන්ත්රවාදය හා යහපාලනය මුල් කරගත් විශ්වසනීය දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සමුළුව සඳහා දකුණු ආසියානු කලාපය මෙන්ම යුරෝපය හා කැනඩාව වැනි රටවල් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගි වීමට නියමිත අතර, දේශීය නියෝජිතයන් 200 දෙනෙකු පමණ ඒ සඳහා සහභාගි වීමට නියමිතය.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයඅදට (28දා) යෙදී තිබේ.