යෝජිත තොරතුරු දැනගැනීමේ පනත මගින් සියලු පුරවැසියන්ට තොරතුරු වෙත පිවිසීමේ අයිතිවාසිකම් සැපයෙනු ඇතැයි එකී පනත් කෙටුම්පත සැකසීමට සිය
දායකත්වය ලබා දුන් විජයානන්ද ජයවීර මහතා පවසයි.
තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකදී
හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කිරීමේදී තොරතුරු අයිතිය සම්බන්ධයෙන් සෑම දෙනා තුළම පිළිගැනීමක් මේ පනත ඉදිරිපත් කිරීමේදී ඇති විය යුතු වුවද ශ්‍රී
ලංකාවේ සංස්කෘතික තත්ත්වයේ හැටියට ඒ පිළිබඳව අභ්‍යාස කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.