තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගම්මම්පිල මහතා පත් කෙරේ. එහි සෙසු සාමාජිකයින් ලෙස නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන මෙනවිය, නීතිඥ එස්.ජී පුංචිහේවා, හිටපු විනිසුරු සලීම් මර්සුෆ්, ත්යාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් පත්ව සිටින අතර ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඔවුන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හග