වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි.
තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නැති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේවෙසක් සහ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයන්හිදී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම වැදගත් වන බැවින් පොහෝ දිනයන්හිදී පමණක් තොරණ සහ දන්සැල් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්නේ නම් මැනැවැයි යනුවෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
එම ඉල්ලීම කර ඇත්තේ බුද්ධ ශාසන උපදේශක කමිටුවේ එකඟතාවය මත බවත් එයින් කිසිසේත්ම තොරණ ප්‍රදර්ශනය සහ දන්සැල් පැවැත්වීම තහනම් කිරීමක් අදහස් නොවන බවත් රජය පවසයි.
එමෙන්ම බුද්ධ ශාසනයට අදාළ සියළු තීරණ අමාත්‍යංශය විසින් ගනු ලබන්නේ බෞද්ධ උපදේශක සභාවෙහි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ එකඟතා මත බවත් අමාත්‍යවරයා පැවැසූ බවද නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.