බදුල්ල දිස්ත්‍රික් එ.ජ.නි.ස. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහියංගණය මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවිය අද (07දා) නියෝග කළාය.
ඒ මහියංගණය නගරයේදී පසුගිය 29 වැනිදා ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි එ.ජා.ප. ක්‍රියාකාරීන් පිරිසකට පහර දී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් ඒ මහතා අද (07දා) උදේ 10.00 ට පමණ මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවූ අවස්ථාවේදීය.
පසුගිය 29 වැනිදා සිදුවූ පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ මහියංගණය, සොරබොර, මීගහපිටිය ප්‍රදේශයේ පදිංචි එච්.ජී. අජිත් චාමර (අවු.32) නමැති අය මහියංගණය මූලික රෝහලට ඇතුළත් කළ අතර, ඔහුගේ වම් අතට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණි.
පදියතලාව සී.වි. කුමාර