තේ වගාව සඳහා ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද( 24දා) පැවසීය.
විශාල තේ සමාගම්වලට ගල්යිපොසේට් භාවිත කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
තේ වගාකරුවන් සඳහා පොහොර මිටියක් රුපියල් 1500කට ලබාදෙන බවද ඒ මහතා පවසා සිටියේය.