ගෙල වැලළාගෙන සිය දිවි නසා ගැනීමට තැත් කිරීම හේතුවෙන් ඇතිවූ රෝගි තත්ත්වයක් මත මේ වන විට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතාගේ සුව දුක් බැලීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (05දා) නවලෝක රෝහලට ගොස් තිබේ.
ඒ පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබන අමාත්‍යවරයා පවසන්නේ 'ඔහු අනුගමනය කල ක්‍රියා පිළිවෙත මම අනුමත නොකළත් ඔහු පෙනී සිටියෙ කුඩු කාරයන් හෝ මැරයන් සඳහා නොව අහිංසක දරැවන් සදහා බව අපි අමතක නොකළ යුතුයි' යනුවෙනි.
එසේම තේවරප්පෙරුම මහතා ඔහුගේ පුතා මියයෑමෙන් පසුව සිත් වේදනාවෙන් සිටින බව ඔහු සමීපයේ සිටින පුද්ගලයින් පවසන බවත් රන්ජන් රාමනායක මහතා පවසයි.