කටකතා පදනම් කරගෙන කලහාකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය 22 වැනිදා සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් අද (05දා) තෙල්දෙණිය ප්‍ර‘දේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බවත් කලහාකාරී ලෙස හැසුරුණ 24 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින බව හා ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ අතර 22 වැනිදා දින සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් ඔවුන් සිවුදෙනා මෙ මස (07දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
තවද කලහාකාරී ලෙස හැසිරෙන සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.