තෙල්දෙණිය (මැදදුම්බර) ප්රාදේශීය සභාවේ 2015 සඳහා සභාපතිනි සුනේත්රා ජයරත්න මහත්මිය (එ.ජ.නි.ස) ඉදිරිපත් කළ අයවැය ලේඛනය වැඩි ඡන්ද එකකින් අද (04දා) පරාජයට පත්විය. අයවැයට පක්ෂව ඡන්ද 06 ක්ද, විපක්ෂව ඡන්ද 07 ක්ද ලැබුණි.
පාලක පක්ෂයේ මන්ත්රීවරුන් වන රණසිංහ විජේකෝන්, අශෝක සමරකෝන්, වී.ජී.කුලරත්න, තුෂිත ධර්මප්රිය, එස්.බී. හක්මන යන අය මෙදින පැමිණ සිටියේ නැත.
තෙල්දෙණියේ එම්. බණ්ඩාර ඒකනායක