ඉන්ධන හිඟයක් ඇතිවන බවට අසත්‍ය ප්‍රකාශ සහිත එස්.එම්.එස්. පණිවුඩ යැවූ පුද්ගලයන්ට හා අන්තර්ජාලය හරහා ප්‍රචාරයක් සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.
අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයන් පිළිබඳ සොයා බලන ලෙසට අද (20දා) ඛනිජතෙල් සංස්ථා නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මීට අමතරව මේ පිළිබඳ සහ ඉන්ධන තොග තිබියදී ජනතාවට ඉන්ධන ලබානොදුන් ඉන්ධන අලෙවිහල් හිමියන් පිළිබඳ සොයා බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
ඉන්ධන තිබියදී ජනතාවට ඉන්ධන ලබානොදුන් ඉන්ධන පිරවුම්හල් පිළිබඳ වාර්තාව ලැබුණ පසු අදාළ ඉන්ධන හල් සංස්ථාවට පවරාගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
අවශ්‍ය තරම් තෙල් තොග තිබෙන බවත්, ඉදිරි දෙසතිය තුළදී ඉන්ධන රැගත් නැව් තුනක් පැමිණීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.