තෙල් හිගයක් ඇතිවෙන්නේ නෑ
මෙරටට ආනයනය කරනු ලැබූ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් විසිතුන්දහසක පමන ප්‍රමාණයක් නිසි ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් නැවත හරවා යැවීමට කටයුතු කළ බව ඛනිජතෙල් සමපත් සංවර්ධන හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
සිංගප්පූරු සමාගමකින් ආනයනය කරනු ලැබූ ඉන්ධන රැගෙන මෙරටට පැමිණි නැවක ඉන්ධන සාම්පල පරීක්ෂා කිරීමේදී එහි තිබූ ගුවන්යානා ඉන්ධන නිසි ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.
ගුවන්යානා ඉන්ධන රැගත් තෙල් නැවක් දින කීපයකට පෙර මෙරටට පැමිණියා. නමුත් ඒ තෙල් නැවේ තියෙන තෙල් අපේ ප්‍රමිතියට නොගැලපෙන නිසා අපි ඒ තෙල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මේ තෙල් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට කලින් මේ තෙල් අපේ ප්‍රමිතියට අනුකූලද කියලා පරීක්ෂා කරනු ලැබුවා. මේ තෙල් නැවේ කුටි හතක වෙන් වෙන්ව තමයි ඒ තෙල් ප්‍රවාහන කරලා තිබුනේ.
අපි ඒ කුටි හතෙන් එකකවත් අපේ ප්‍රමිතියට ගැලපෙන තෙල් තියෙනවාද කියලා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ඒ එකකවත් අපේ ප්‍රමිතියෙන් යුතු තෙල් නොමැති බැවින් අපි තීරණය කළා ඒ තෙල් නැව ප්‍රතික්ෂේප කරන්න.
කෙසේ වෙතත් නැව ප්‍රතික්ෂේප කළා කියලා තෙල් වල හිගයක් ඇතිවෙන්නේ නෑ. අපි මේ තත්වය දැනගත්ත වහාම කඩිනම් ටෙන්ඩර් කැදවීමක් සිදු කලා. ඒ ටෙන්ඩරය දැන් ලබාදීලා තියෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

