ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාවය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට පාකිස්තාන අග්රාමාත්ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා සහතික වී තිබේ.
පාකිස්තානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා හා පාකිස්තාන අග්රාමාත්යවරයා අතර නිල හමුව ඊයේ (23දා) පස්වරුවේ ඉස්ලාම්බාද් නුවර අග්රාමාත්ය නිල නිවසේදී සිදුවූ අවස්ථාවේදී පාකිස්තාන අග්රාමාත්යවරයා මේ බව සඳහන් කර ඇත
දෙරට අතර ආර්ථික, වෙළෙඳ මෙන්ම ආරක්ෂක පුහුණු වැඩසටහන් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේදී ඩොලර් බිලියන 01 වෙළඳ ඉලක්කයක් සපුරා ගැනීම පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම තෙල් සහ ස්වභාවික වායු ක්ෂේත්රයේ සිය අත්දැකීම් ශ්රී ලංකාවට ලබාදීමට ඕනෑම මොහොතක සූදානම් බව මෙහිදී පාකිස්තාන අග්රාමාත්යවරයා සඳහන් කළ අතර එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ඉදිරි බලශක්ති අර්බුදයත් සමග ශ්රී ලංකාව ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවයි.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 03 කට ද අත්සන් තැබිණි.