ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන තුන්සියයක ණය කාරයෙකු බවට පත්වී සිටියත් ජනතාවට සහන මිලට ඉන්ධන ලබාදීම සඳහා රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව තෙල් සංස්ථා සභාපති ධම්මික රණතුංග මහතා සඳහන් කළේය.
බදු සහන ලබාගෙන ජනතාවට සහන දීම කෙරෙහි සංස්ථාවේ අවදානය යොමුවී තිබෙන බවත්, මීට අමතරව සංස්ථාවේ ආදායම ඉහළ දැමීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.
තෙල් මිල ඉහළ දමා ජනතාව අපහසුතාවයන්ට පත්කිරීමට සංස්ථාව කිසිම අවස්ථාවකදී කටයුතු නොකරන බවත්, ශක්තිමත්ව තෙල් බෙදාහැරීම සිදුකිරීම සඳහා රජයේ ආර්ථික මරමස්ථානවලට නළ මගින් ඉන්ධන ලබාදීමට අවශ්‍ය සැලසුමක්ද සකස් කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.