ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ශ්‍රී ලංකාවට ලබාදීමට උපරිමයෙන් ක්‍රියාකරන බව ශ්‍රී ලංකාවේ නව ඉරාන තානාපතිවරයා ලෙස පත්වූ මොහොමඩ් සෙයිරි අමිරානි මහතා පවසා සිටියේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී එම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුණගැසුණු අවස්ථාවේදී තානාපතිවරයා මෙසේ අදහස් දක්වා තිබේ.