ඛනිජ තෙල් ගෙන්වීමේදී මේ වසරේ පළමු මාස හතර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 840 ක් ඉතිරි කරගැනීමට හැකියාව තිබියදී ඩොලරයට සාපේක්ෂව රුපියල 8.3% කින් පිරිහීම නිසා විදේශ සංචිත විශාල ලෙස අඩු වී ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය ආණ්ඩුවට පසුගිය වසරේ මුල් මාස 04 තුළ ඛනිජ තෙල් ගෙන්වීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1761.7 ක් වැය වූ බවයි.
එහෙත් මේ වසර තුළ ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ශීඝ්‍ර ලෙස පහළ බැසීම නිසා පළමු මාස 04 තුළ ඛනිජ තෙල් ගෙන්වීමට වියදම් වී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 921.7 ක් පමණක් බවද ඔහු කියා සිටියේය. මේ අනුව රජයට පළමු මාස හතර තුළදී ඩොලර් මිලියන 840 ක මුදලක් ඉතිරි වී තිබෙන ඒ මහතා බවද පවසා සිටියේය.
එහෙත් ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 සිට ඩොලර් බිලියන 4.9 දක්වා විදේශ සංචිත අඩු වී තිබෙන බවත්, මෙම තත්ත්වය වසාගැනීම සඳහා ආණ්ඩුව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් විදේශ සංචිත තුළ රඳවා තබාගෙන සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම මුදල සමග විදේශ සංචිත ඩොලර් බිලියන 6.4 ක් ඇතැයි සඳහන් කරන බවත්, එහෙත් ඩොලර් බිලියන 1.5 ක් අප රටට අයත් නැති බවත් හෙතෙම පවසා සිටියේය.