ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළයෑමට සාපේක්ෂව ජනතාවට සහන ලබාදීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
අමාත්‍යාංශයේ වැඩභාර ගනිමින් අද (08දා) උදේ පැවති උත්සවයේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120 සිට ඩොලර් 39 ත් 40 දක්වා පහළ වැටී තිබෙන බවයි. රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවෙන් 40% බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලබාගන්නා බවද ඔහු එහිදී පවසා සිටියේය.