දිනකට තෙල් බැරල් 100,000 පිරිපහදු කළ හැකි තෙල් පිරිපහදුවක් ලංකාවේ ඉදිකිරිමට ඉන්දියාව සූදානම් වෙයි. ඉන්දියාවේ ඉන්දියානු ඔයිල් සමාගම හා එක්ව ශ්‍රී ලංකාව මෙම තෙල්පිරිපහදුව ඉදිකිරිමට නියමිත බව රොයිටර්ස් පුවත්සේවය වාර්තා කළේය. මේ හරහා නවදිල්ලිය හා කොළඹ අතර පවතින සබඳතා තවදුරටත් තර වෙනු ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තාකරයි.
අපනයනය කිරිමේ අරමුණද ඇතිව තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ ඉදිකිරිමට නියමිතය. ලෝකයේ ස්වාභාවිකවම දෙවැනි ගැඹුරුම වරාය වෙන ත්‍රිකුණාමලය වරාය පිහිටා ඇති ප්‍රදේශය මූලික කරගනිමින් ඛණිජ තෙල් පිළිබඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී අවධානය යොමුව විය.