මණ්ඩතිව් දූපතේ විනෝදයට තෙප්පමක් පැදීමට ගිය ශිෂ්‍යයන් හා තරුණයන් 05 දෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙන අතර, එක් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
තෙප්පමේ 07 දෙනෙකු ගමන් කර ඇති අතර, තෙප්පම පෙරළීමත් සමග එක් අයෙකු ගොඩබිමට පීනා පැමිණ තිබේ.
මෙහිදී මළසිරුරු 05ක් සොයාගෙන ඇති අතර, එක් අයෙකු තවමත් අතුරුදන්ව ඇත.
මියගිය අය අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකුද සිටින බව වාර්තා වේ.