බස්නාහිර පළාත ඇතුළු ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 07 ක් මූලික කරගෙන පෙබරවාරි 11 වැනිදා සිට 13 වැනිදා දක්වා තෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2016 වර්ෂයේ ජනවාරි මාසයේ ඩොංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, 2015 වර්ෂයේදී ඩෙංගු රෝගීන් 29,000 ක් සහ මරණ 56 ක් වාර්තා වී තිබේ.
2016 වර්ෂයේ ජනවාරි මාසයේදී මරණ 08 ක් සහ රෝගීන් 5000 ක් වාර්තා වී තිබේ. කීට විද්‍යා සමීක්ෂණවලට අනුව පාසල්වලින් 54෴ ක්, ගොඩනැගිලි හා ඉදිකිරීම් ස්ථානවලින් 36%ක් සහ ආගමික ස්ථානවලින් 40෴ ක මදුරු කීටයන් බෝවන බව සොයාගෙන ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව මේ වනවිට ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වී ඇති බස්නාහිර පළාත සහ ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 07 ක් වන කෑගල්ල, යාපනය, වවුනියාව, පුත්තලම, මඩකලපුව, කුරුණෑගල, අම්පාර කේන්ද්‍ර කොටගනිමින් පෙබරවාරි මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම බස්නාහිර පළාත් කේන්ද්‍ර කොටගනිමින් මෙම වැඩසටහන අකුරටම ක්‍රියාත්මක කිරීමටද නියමිතය. එමෙන්ම අප්‍රේල් සහ මැයි මාසවලදී ප්‍ර‘දේශ කිහිපයකට වැසි ඇදහැලීම හේතුවෙන් ජාතික ඩෙංගු මර්දන සතියක් මාර්තු මස 29 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටද නියමිතය. මුළු දිවයිනම ආවරණය වන පරිදි මදුරු මර්දන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.