බඳින තුවක්කු කඳන් 10 ක් තම නිවස තුළ සඟවා ගෙන සිටිසැකකරුවෙක් නවගත්තේගම පොලීසිය විසින් තම්මැන්නිවැටිය ප්‍රදේශයේදී පෙරේදා(12දා) අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසියට ලැබුණ තොරතුක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගැනීමට සැකකරු විසින් මෙම තුවක්කු ළඟ තබා ගෙන ඇති බවට පොලීසිය සැකකරයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නවගත්තේගම පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන රත්නමලල,ධර්මසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන අබේරත්න, ගුණතිලක, විජිත යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.