තුල්හිරිය හා පූගොඩ සේවකයන්ට කෝටි පහක වන්දි
තුල්හිරිය හා පූගොඩ පෙහෙකම් ශාලා වල සේවයේ නිරතව සිට එම ආයතන පෞද්ගලීකරණය කිරීම නිසා එයට විරෝධය පල කිරීම හේතුවෙන් රැකියා අහිමි වූ සේවකයින් සඳහා රුපියල් පන්කෝටි අනූනව ලක්ෂයක වන්දි මුදල් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යවරයාවෙත කළ පැහැදිලි කිරිමකින් පසුව මෙම වන්දි මුදල් වෙන්වි තිබේ.
1978 මාර්තු මාසයේ දී ආයතන පෞද්ගලීකරණය කිරීමට විරෝධය පා සේවකයින් වැඩ වර්ජනයක නිරත වූ අතර ඒ හේතුව නිසා ඔවනු රාජකාරිය අතහැර ගියා සේ සලකන ලද බැවින් සේවනයන්ට රැකියා අහිමි විය.
	තුල්හිරිය හා පූගොඩ පේෂ කර්මාන්ත ශාලාවල සේවකයින් 2396 දෙනෙකු සඳහා අවසන් කරුණා සහගත දීමනාවක් වශයෙන් එක් අයෙකුට රු. 25000 බැගින් ගෙවීම සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 
	 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                