ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් ඇතිකරගැනීමට තුර්කි රජය සූදානම්බව මෙරට තුර්කි තානාපති තුන්කා ඔසෙවිහන්ද්රා මහතා (TuncaOzcuhadar) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවී පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (12දා) පැවති මෙම හමුවේදී තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනයකරගැනීමේ වැදගත්කමද අවධාරණය කෙරිණ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තුර්කි තානාපතිවරයා හමුවේ කියාසිටියේ ත්‍රස්තවාදය පරාජයකළ රටක්ලෙස ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී අත්දැකීම් ඇති බවයි. දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවය තවදුරටත් ශක්තිමත්කරගැනීමට ආරක්ෂක සහයෝගීතා ගිවිසුම මඟින් හැකිවන බව අමාත්‍යවරයා පැවසීය.
එම සබඳතාවය කඩිනමින් ඇතිකරගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහයෝගීතාවය හිමිවන බව තුර්කි තානාපති හමුවේ වැඩිදුරටත් සඳහන්කල අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, නේටෝ සංවිධානයට අයත් රටක් ලෙස තුර්කිය සමඟ එම ආරක්ෂක සහයෝගීතාව ඇතිකරගැනීම ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලටද වැදගත් අවස්ථාවක් වනු ඇතිබව සඳහන් කළේය.