තුර්කියේ, ඉස්තාම්බුල් ගුවන් තොටුපොළේ මරාගෙන මැරෙන ප්‍රහාරය දියත්කළ ත්රස්තවාදීන් තිදෙනා පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවලින් පැමිණි පිරිසක් බව අනාවරණය වී තිබේ.
එහිදී, එක් ත්‍රස්තවාදියෙකු රුසියාවේ උතුරුදිග කවුකාසූස් පළාතේන්ද, අනෙක් දෙදෙනා උස්බෙකිස්තානය හා කිරිගිස්තානය යන රටවල පුරවැසියන් දෙදෙනෙකු බවද හඳුනාගෙන ඇත.
තුර්කිය විශ්වාස කරන්නේ පුද්ගලයන් 43 දෙනෙකුට මරු කැඳවමින්, තවත් 230කට ආසන්න පිරිසකට තුවාල සිදුකළ මෙම ප්‍රහාරය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් විසින් මෙහෙයවන්නට ඇති බවයි.
මේ අතර, ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු ඉස්තාම්බුල් හා ඉස්මීර් යන නගරවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව බවද තුර්කි ආරක්ෂක අංශ කියයි.
මේ අතර, ඇතැම් මාධ්‍ය අනාවරණය කර තිබුණේ ප්‍රහාරයට පැමිණි තිදෙනාගෙන් අයෙකු සිරියාවේ රක්ඛා නගරයේ සිට තුර්කිය වෙත පැමිණි අයෙකු බවය.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් පසුගිය කාලය පුරා පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල මුස්ලිම් වැසියන් තම සංවිධානය වෙත බඳවා ගැනීමේ නිරතව සිටින අතර, රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අනාවරණය කරන පරිදි පසුගිය ඔක්තෝබර් මාසය වනවිට එම රටවලින් 5,000 ත් 7,000ත් අතර පිරිසක් එම සංවිධානයට බඳවාගෙන තිබුණි.
එමෙන්ම, ප්‍රහාරයෙන් මියගිය පිරිස්වල තොරතුරු රැසක්ද මේ වනවිට අනාවරණය වෙමින් පවතින අතර, ඒ වැඩි දෙනා ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ පිරිස් බවද කියැවේ.