97 දෙනෙකුට මරු කැඳවූ තුර්කියේ අන්කාරා අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ද්විත්වයේ ප්‍රධාන සැකය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් වෙත එල්ල වන බව අගමැති අහ්මට් ඩෙව්ටොග්ලු පවසයි.
මෙම ප්‍රහාරයෙන් පසුව එහි වගකීම කිසිවෙකු විසින්වත් භාර නොගත් අතර, පිරිමින් දෙදෙනෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙය දියත් කරන්නට ඇති බව රජය සැක කරයි.
පසුගියදා සෙනසුරාදා අගනුවර පැවති කුර්දි හිතවාදී සාම රැලියට එල්ල වූ ප්‍රහාරයෙන් 97 දෙනෙකු මියගිය බව රජය ප්‍රකාශ කරද්දී, එම රැලියට සහභාගි වූ කණ්ඩායම් කියා සිටියේ ඉන් 128 දෙනෙකු මියගිය බවයි.
මෙම ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ අවමංගල්‍ය උත්සව මේ වනවිට පැවැත්වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.