තුර්කියේ, ඉස්තාම්බුල් නුවර වෙත කැරලි හමුදා රැගත් හෙලිකොප්ටර් යානා පැමිණෙමින් සිටින බවට වූ කතාවක් සමග නගරය පුරා හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර ඇති විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, නගරය පුරා විශේෂ බලකායේ භටයන් මෙන්ම, අවි ආයුධ රැසක් ස්ථාන ගත කරමින් කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව නගරයට ඇතුළු වන ඕනෑම යානයක් බිම හෙළීමට තුර්කි ආරක්ෂක අංශ සූදානමින් සිටින බව කියයි.
මේ අතර, තුර්කි ගුවන් සීමාව ආරක්ෂා කිරීම සඳහා එෆ්-16 මාදිලියේ ප්රහාරක යානා කිහිපයක්ද ගුවන්ගත කර ඇති බවද වාර්තා වෙයි.
ප්රකාශයට පත්කර ඇති හදිසි තත්ත්වය හමුවේ, ඉස්තාම්බුල් නගරය පුරා අමතර විශේෂ බලකා නිලධාරීන් 1,800ක් පමණ ස්ථානගත කර ඇති බවත්, සන්නහාසන්නද්ධ රථ මෙන්ම, ගුවන්යානා නාශක අවිද නගරය තුළ ස්ථානගත කර ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුටත් පවසයි.
මීට දෙදිනකට පෙර හමුදා කණ්ඩායමක් විසින් තුර්කි රජය පෙරළා දැමීම සඳහා ආරම්භ කළ හමුදා කුමන්ත්රණය ජනතා නැගිටීම හමුවේ පරාජයට පත්වූ අතර, එම සිදුවීමෙන් පුද්ගලයන් 265 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 1,500කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
එහිදී, මෙම අසාර්ථක හමුදා කුමන්ත්රණයෙන් පසුව එරට රජය විසින් 6.000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ වෙතත්, මෙම කුමන්ත්රණය හමුවේ තුර්කි ගුවන් හමුදාව සතු ප්රහාරක යානා රැසක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.
මේ තත්ත්වය තුළ හමුදා කුමන්ත්රණයෙන් දින දෙකකට පසුව ඉස්තාම්බුල් වෙත හෙලිකොප්ටර් යානා පැමිණෙන බවට වූ විවිධ වාර්තා පැතිරෙන්නට වූ අතර, තවත් වාර්තාවකට අනුව එෆ්-16 යානයක් මගින් ජනපති නිල නිවසට බෝම්බ දැමීමේ සූදානමක් පිළිබඳවද කියවුණි.
![](http://editorial.ada.lk/wp-content/uploads/file/1_Turkey(13).jpg)
![](http://editorial.ada.lk/wp-content/uploads/file/2(2394).jpg)