ජපාන අග්‍රාමාත්‍ය ධුරයට යළිත් වතාවත් ජපාන ජනතාවගේ බහුතර කැමැත්ත මත පත්වීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබෝ මහත් සමත්විය.
ඒ ඊයේ නිමා වූ ජපාන මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක්ද සහිතවය.
ජපානය මුහුණදී ඇති වත්මන් ගැටලු නිරාකරණය කිරීමට අදාළව විශේෂයෙන්ම උතුරු කොරියාවෙන් එල්ල වී ඇති තර්ජනයට විසඳුම් සෙවීමට ජපාන ජනතාවගේ කැමැත්ත උරගා බැලීම සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා කල් තියා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීය.
ජපාන අගමැතිට ලැබුණ තුනෙන් දෙකක බලයත් සමග ඔහුට ජපාන ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහාද අවකාශ ලැබී ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි.