(UPDATE) කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුමාර හිරිඹුරේගම මහතා දුරකථනය ක්‍රියා විරහිත කරමින් සිසුන් සමග පැවැත්වීමට තිබූ සාකච්ඡාවක් මගහැරීම නිසා උපකුලපති ගොඩනැගිල්ල වන සනාතන මන්දිරය ඉදිරිපිට අද පෙරවරුවේ නොසන්සුන්තාවයක් හට ගත්තේය.
නේවාසිකාගාර ගාස්තුව රුපියල් 3000 සිට 1000 දක්වා අඩු කරන ලෙස සිසුන් පවසන බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේ යොදාගෙන තිබුණි. ඒ සඳහා සහභාගී වන බවට උපකුලපතිවරයා ඊයේ (23දා) සවස පැවසුවද, අද සාකච්ඡා සඳහා නොපැමිණීම ගැන වීමසීමට දුකරථනයෙන් උපකුලපතිවරයා සම්බන්ධකර ගැනීමට ගත් උත්සාහයේදී එය ක්‍රියා විරහිත කර තිබීමට එරෙහිව විරෝධ පා සිසුන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.
-------------------------------------------------------------------------------------------------------------------
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතාව හේතුවෙන් තිඹිරිගස්යාය, තුන්මුල්ල යන ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. 138 (කොළඹ-මහරගම, කොට්ටාව) බස් මාර්ගය අවහිර කරමින් සිසුහූ මෙම විරෝධතාව නිරතවී සිටිති.