පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් කරන පරීක්ෂණ පරීක්ෂණ මුළුමනින්ම ස්වාධීන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයකින් කියයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය පිළිබඳවත්, දූෂණ මර්දන කමිටුව පිළිබඳවත් වාර්තාවන තොරතුරු පිළිබඳව පැහැදිලි කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය මෙම නිවේදනය නිකුත් කොට තිබේ. මෙම අංශ දේශපාලන ඇගිලිගැසීම් යටතේ ක්‍රියාත්මක බව විපක්ෂය චෝදනා කරන අත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාවේදීද මේ පිළිබඳව කරුණු සාකච්ඡා විය.