නීති විරෝධී අයුරුන් අලි පැටවෙකු සිය සන්තකයේ තබා ගැනිමේ සිද්ධියට අදාළව කොළඹ අලුත්කඩේ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (21දා) නියෝග කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් හා රුපියල් ලක්ෂ 25ක ශරීර තුනක් හිටපු මහේස්ත්රාත්වරයට නියම වූ අතර ඇපකරුවන් රජයේ විධායක නිළධාරින් විය යුතු බවටද නියෝග කළේය.
හිටපු මහේස්ත්රාත්වරයාට විදෙස් ගමන් තහනම් කළ අතර සෑම සතියකම ඉරිදා දිනයේදී පොලීසියේ පෙනී සිටින්නැයිද නියොග කළේය.