තිහගොඩ ප්රදේශයේදී රෙස්ටුරන්ට් ආයතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය කාන්තාවක් හා තවත් කාන්තාවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මාතර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (21දා) මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 39, 33 හා 25 යන වයස් වල පසුවන තිහගොඩ, කටුනායක හා සෙවනගල ප්රදේශවල පදිංචිකාරියන් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.