හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට ලබන මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ. ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 09 වැනිදා නඩු පවරන ලදී