අධිකරණයේ පවතින නඩු කටයුතු සහ පක්ෂයේ විනය සම්බන්ධ කටයුතු අවසන් වනතෙක් හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයේ වැඩකටයුතුවලට සහභාගි කර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය කඩාවැටී තිබෙන බවට හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළද, තිස්ස අත්තනායක මහතා මහ ලේකම්ධුරය දැරූ සමයේ සෑම මැතිවරණයක්ම පරාජයට පත් වූ බවද කබීර් හෂීම් මහතා අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන සිටින බවද ඔහු පවසා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණමය කටයුත්තක් සිදු වෙමින් තිබෙන බවද හෙතෙම කියා සිටියේය.