අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවැසීය.
එසේම තමන් නියෝජ්‍ය කතානායක ධුරයේදී ස්වාධීනව කටයුතු කළ බවත් ඔහු පැවැසීය. තිලංග සුමතිපාල මහතා කතාව පවත්වන විට දැඩි විරෝධයක් සභාවෙන් එල්ල විය.