අවංලගු කළ නොහැකි තෑගි ඔප්පු, තෑගිකරු වෙත ත්‍යාගලාභියා විසින් දක්වන ලද බරපතළ අකෘතඥතාව මත නිසි බලය ඇති අධිකරණයක නියෝගය මත පමණක් අවලංගු කිරීමට හැකි වන පරිදි විධිවිධාන සැලැස්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.
ඒ අනුව ‘අවංලගු කළ නොහැකි තෑගි ඔප්පු බරපතළ අකෘතඥතාව මත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත’ ගැසට් පත්‍රයේ පළකිරීමටත්, පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.'